ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ප්‍රකාශය ගැන පාකිස්ථානය කනස්සල්ලෙන්

Tuesday, 15 October 2019 - 7:36

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පාකිස්ථාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුන් රැඳී සිටි හෝටලයට සීමාවීමෙන් දැඩි පීඩනයට ලක්වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිදුකළ ප්‍රකාශයට පාකිස්ථානයේ අප්‍රසාදය පළවී තිබෙනවා.

ශ්‍රී ලංකා පිල කරච්චි නුවරදී එක්දින තරගාවලියකට සහ ලාහෝරයේදී විස්සයි විස්ස තරගාවලියකට සහභාගිවූ අතර, විස්සයි විස්ස තරගාවලියෙන් වාර්තාගත ජයග්‍රහණයක් හිිමිකරගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා, මෙරට ක්‍රීඩකයන් දැඩි ආරක්ෂක රැකවල් මැද පාකිස්ථානයේ හෝටල්වල දින 3 ක් 4 ක් සිරවී සිටි බවට ප්‍රකාශ කළේ ඔවුන් නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තම අප්‍රසාදය පළ කළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත අනාවරණ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ ප්‍රකාශය තමන්ගේ බලාපොරොත්තු සුන් කරන අතර, එයින් දැඩි වේදනාවකට පත්වූ බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් තම රට තුළ ගත කළ කාලය හැකිතරම් සුවදායී කිරීමට පාකිස්ථානය උපරිම උත්සාහයක් දැරූ බවද එමඟින් සඳහන් කර තිබෙනවා.