හැමිල්ටන් හි දෙවන ටෙස්ට් තරඟයේ ආරක්ෂාව දැඩි වෙයි

Tuesday, 26 November 2019 - 13:11

%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක එංගලන්ත පිළ සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත පිළේ කළු ජාතික ක්‍රීඩක ජොෆ්රා ආචර්ට නරඹන්නෙකු විසින් වර්ගවාදී අපහාසයක් එල්ල කිරීමේ සිද්ධිය හේතුවෙන් හැමිල්ටන් හිදී පැවැත්වෙන දෙවන තරඟයේ ආරක්ෂාව තර කිරීමට නවසීලන්තය පියවර ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය පිළිබදව නවසීලන්ත නායක කේන් විලියම්සන් සිය කණගාටුව පළ කර ඇති අතර, එය බහු සංස්කෘතික සම්මිශ්‍රණයකින් යුත් නවසීලන්තයේ අනන්‍යතාව පිටුදැකීමක් ලෙසයි ඔහු හැදින්වූයේ. නවසීලන්තය සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය අනිද්දා ආරම්භවීමට නියමිතයි.