සාග් බීච් වොලිබෝල් කාන්තා, පිරිමි, රන්, රිදී පදක්කම් 4ම ශ්‍රී ලංකාවට

Sunday, 08 December 2019 - 19:15

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A0%E0%B7%8A+%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%2C+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+4%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවති බීච් වොලිබෝල් කාන්තා සහ පිරිමි අවසන් මහා තරඟවලදී රන් සහ රිදී පදක්කම් 4ම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමත් වුණා.

කාන්තා සහ පිරිමි අවසන් මහා තරඟ දෙකම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් අතරම පැවතීම මෙහි විශේෂත්වයක්.

මේ අතර, සාග් ක්‍රීඩා උළෙලේ බංග්ලාදේශය සමඟ අද පැවති කාන්තා ක්‍රිකට් අවසන් තරඟයේදී ශ්‍රී ලංකා පිළට හිමි වූයේ රිදී පදක්කමයි.