මාලිංග ඉවත්වීමට සූදානමින්

Sunday, 12 January 2020 - 9:40

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
තරග පරාජයට හේතුව නායකත්වය නම් ඉන් ඉවත්වීමට තමන් ඕනෑම අවස්ථාවක සුදානම් බව ශ්‍රී ලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. 

ඉන්දියාව සමග පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම අංශයකම දුර්වලතා පැවති බව ද ලසිත් මාලිංග ප්‍රකාශ කළා.

තරගාවලි පරාජයෙන් පසු ඊයේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.

එමෙන්ම ඉන්දියාව සමග පැවති තරගාවලියේදී තමා ද පන්දු යවන්නෙකු ලෙස සාර්ථක නොවු බව ලසිත් මාලිංග සඳහන් කළා.

තරග පරාජයන්ට හේතුව නායකත්වය නම් ඉවත්වීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.