පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්

Thursday, 23 January 2020 - 20:10

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+10%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
 
හරාරේ හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුළු 9ක් දැවී ලකුණු 515ක් ලබා ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින්.

මේ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 157ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 170කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද සමත් වුණා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුළු 4ක් සහ ලහිරු කුමාර කඩුළු 3ක් බිද හෙලුවා.

මේ අනුව, ජයග්‍රහණය සඳහා ලකුණු 14ක පහසු ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය කිසිවෙකු නොදැවී සපුරාගත් ශ්‍රී ලංකාව මේ වසරේ පළමු ජාත්‍යන්තර
ක්‍රිකට් තරග ජය වාර්තා කළා.

තරගයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්.

මේ ජයත් සමඟ වසර 21ක් තිස්සේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පවතින ටෙස්ට් තරග අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගන්නට ශ්‍රී ලංකාව සමත් වූණා.