ඉන්දියාව පරදා, ඉතිහාසය වෙනස් කරමින් බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන තමන් සතුකර ගනී

Sunday, 09 February 2020 - 21:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%2C+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ජය ගන්නට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ අවසන් මහා තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඉන්දීය වයස අවුරුදු 19 පහළ කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 03කින් පරාජය කරමින්.

දකුණු අප්‍රිකාවේ පාවෙස් - ස්ට්‍රෝම් හි පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තීරණය කළේ ඉන්දියාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දීමටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 47යි පන්දු 02ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 177ක් පමණයි.

එහිදී අවිෂේක් ඩාස් කඩුලු 03ක්, ශොරිෆුල් ඉස්ලාම් සහ හසන් සකිබ් ඉන්දීය කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ඉන්දීය ඉනිමේ සාර්ථක වීමට හැකියාව ලැබුණු එකම පිතිකරුවා බවට පත් වුණේ යශාෂ්වි ජයිස්වාල් පමණයි.

ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 88ක්.

බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වනවිට ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පන්දුවාර 41ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 163ක් රැස්කරගෙන සිටියා.

වර්ෂාවෙන් අනතුරුව යළි තරඟය ආරම්භ කෙරුනේ පන්දුවාර 46ක් තුල ලකුණු 170ක ඉලක්කයක් බංග්ලාදේශ පිළට ලබාදෙමින්.

එම ඉලක්කය පන්දුවාර 42යි එක් පන්දුවක් තුල කඩුලු 07ක් දැවී පසුකර ගිය බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් ඉතිහාසයේ පළමු වතාවට යොවුන් ලෝක කුසලානය තමන් සතු කරගත්තා.

බංග්ලාදේශ යොවුන් පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරු පර්වේස් හුසේන් ලකුණු 47ක් රැස්කළ අතර අක්බර් අලි නොදැවී ලකුණු 43ක් රැස්කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඉන්දියාව මීට පෙර අවස්ථා 04කදී යොවුන් ලෝක කුසලාන ජයග්‍රහණය කර තිබෙනවා.