දකුණු අප්‍රිකාව පරදා එංගලන්තයට විස්සයි විස්ස ජයක්

Saturday, 15 February 2020 - 7:41

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු අප්‍රිකාව සමඟ ඩර්බන් හි පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත පිළ ඊයේ සමත් වුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස එංගලන්තයට ඇරයුම් කළ අතර ඔවුන් සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 7ක් දැවී ලකුණු 204ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු පිළට සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.

ඒ අනුව එංගලන්ත සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණ එකට එකක් ලෙස සම වනවා.