තියුණු සටනකින් පසු දකුණු අප්‍රිකාව පැරදූ එංගලන්තයට 20-20 තරඟාවලියේ ජය

Monday, 17 February 2020 - 6:49

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%96+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+20-20+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA
එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (16) පැවැති තුන්වන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජයගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවති තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී පැවැති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 06කට ලකුණු 222ක් රැස් කළා.

දකුණු අප්‍රිකානු වෙනුවෙන් හෙන්රිච් ක්ලාසන් පන්දු 33කදී ලකුණු 66ක් රැස්කළ අතර ටෙම්බා බවූමා පන්දු 24කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 49ක්.

පන්දු යැවීමේදී ටෝම් කරන් සහ බෙන් ස්ටොක් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ලකුණු 223ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුල කඩුලු 05ක් දැවී ලකුණු 226ක් රැස්කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත්තා.

එංගලන්තය වෙනුවෙන් ජොනී බේස්ටෝව් ලකුණු 64ක් සහ ජෝෂ් බට්ලර් ලකුණු 57 රැස් කරමින් එංගලන්ත ජයග්‍රහණයට මඟ සැකසුවා.

තරඟයේ අවසන් පන්දුවාරය තුල එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඉයන් මෝර්ගන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්.

පන්දු යැවීමේදී ලුන්ගි න්ගිඩි ලකුණු 55කට කඩුලු 02ක් දවා ගත්තා.

දෙරට අතර පැවති පළමු 20 - 20 තරඟය දකුණු අප්‍රිකාව ජයගත් අතර දෙවන තරඟය එංගලන්තය ජය ගත්තා.

අවසන් තරඟයේ සහ තරඟාවලියේ වීරයා බවට පත්වුණේ එංගලන්ත නායක ඉයන් මෝර්ගන්.