පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් වෙයි

Wednesday, 11 March 2020 - 18:10

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 409ක් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන අද සමත්වුනා.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ඔහු මෙම දස්කම දැක්වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිවයි.

නවෝද්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ද වනවා.

ඔහු මෙම ලකුණු 409 ලබාගත්තේ පන්දු 326කදී හයේ පහර 19ක් සහ හතරේ පහර 39ක් සමගින්.

අද දිනයේ පමණක් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 290ක්.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක් ඉනිමකදී ලකුණු 400 සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිඳු වන අතර ඔහු රැස් කර තිබුනේ ලකුණු 350ක්.