සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ නිරෝධානයට

Friday, 13 March 2020 - 17:17

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
කෙරෝනා වෛරසය ආසාදනයවී ඇති සැකය මත පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද නිරෝධායනයකට ලක් කර තිබෙනවා.

රොනාල්ඩෝ නියෝජනය කළ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවීම ඊට ආසන්නතම හේතුව වී තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඞ්සන් හටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවකට යොමුකර තිබෙනවා.

ඒ හේතුවෙන් රිචඞ්සන් හට නවසීලන්තය සමග සිඞ්නි හිදි දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයද අහිමි වී තිබෙනවා.

මේ අතර ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත අයි පී එල් ක්‍රිකට් තරගාවලියටද බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ ඉන්දියාවට ලබන 15 වැනිදා දක්වා විදේශිකයන්ට සිය රටට ඇතුලූවීමට තහනමක් පනවා තිබීම හේතුවෙන්.

ඉන්දියාවේ පැවැත්වෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිවීම සැලකිල්ලට ගනිමින්.

මාර්ග අනතුරුවලින් ආරක්ෂාවීම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කර තිබුණු අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුලූ තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයින් සහ තරග සංවිධායකින් අතර ඇති වූ සාකච්ඡාවකදී ඔවුන් තීරණය කර ඇත්තේ මෙම තරගාවලිය අවලංගු කිරීමටයි.

මීට පෙර තීරණය කර තිබුනේ මෙම තරගාවලියේ ඉදිරි තරග ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වය නොමැතිව පැවැත්වීමටයි.

මෙම තරගාවලිය සදහා තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්ව යටතේ ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායමක් සහභාගි වූ අතර ඊට මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කලූවිතාරන ඇතුලූ ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා.