ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට කඩුලූ 8ක ජයක්.

Sunday, 13 January 2013 - 16:59

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+8%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලූ 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ අද (13* සමත් වුණා. කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීම සඳහා  ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර සියලූ දෙනා දැවී  ඕස්ට්‍රේලියානුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි. ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 40යි එක් පන්දුවකදී කඩුලූ 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 172ක් ලබා ගනිමින් ජයග්‍රාහී සීමාව පසු කර ගියා. ලහිරු තිරුමාන්න නොදැවී ලකුණු 102යි. ඔහු සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් ප්‍රථම ශතකය ද මෙය වනවා. තිලකරත්න ඩිල්ශාන් ලකුණු 51යි.