තිරිමාන්න නියමයි. මැතිව්ස් කියයි.

Thursday, 17 January 2013 - 12:40

%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආයෝජනයක් බව කණ්ඩායමේ උපනායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. පසුගියදා  ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවැනි එක්දින තරඟයේදී ලකුණු 102 ක් ලබාගත් තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. හදිසි කැඳවීමකින්  ඕස්ට්‍රේලියානු සංචාරයට එක්වූ තිරිමාන්න ටෙස්ට් සහ එක් දින තරඟවලදී මේ වනවිට විවිධ දක්ෂතා පෙන්වා තිබෙනවා. තමන් සහභාගි වූ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ළහිරු තිරිමාන්න ලකුණු 91 ක් ලබාගැනීමද විශේෂත්වයක්. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයක් ඔහුට හිමිවීමේ ඉඩකඩ බොහෝ දුරට පවතින බවයි ඇන්ජලෝ මැතිව්ස් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

\r\n