කැරිබියානු විලාසිතාව ඉන්දියානු භූමියේ.

Wednesday, 24 April 2013 - 13:27

%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.

බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ගේල්ගේ ඉනිම සම්බන්ධයෙන් ප්‍රවීන ක්‍රිඩකයින් රැසක් ටුවීටර් පණිවුඩ හරහා සිය සුබපැතුම් එක්කර තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා පවසා ඇත්තේ ක්‍රිස් ගේල් තරගයේදී පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවටත්, ප්‍රේක්ෂකයන් පන්දු රකින්නන් බවටත් පත්කළ බවයි. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සමී පවසන්නේ ක්‍රිස් ගේල් න්‍යෂ්ටික බෝම්බයක් මිශ්‍ර වූ සුනාමියක් බවයි. මේ අතර, ක්‍රිස් ගේල් පන්දුවට පහරදෙන අවස්ථාවේ ක්‍රීඩා පිටියේ සිටීමට නොහැකිවීම පිළිබඳව කඩුළු රකින්නෙකු ලෙස තමා කණගාටුවට පත්වන බව ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ද ටුවීටර් පණිවුඩයක් හරහා පවසා තිබෙනවා. මීට අමතරව ක්‍රිස් ගේල්ට සුබ පැතුම් එක්කරමින් ඔලිම්පික් පදක්කම්ලාභී ධාවන ශූරයින් වන උසේන් බෝල්ට් සහ යොහාන් බ්ලේක් පවසන්නේ කැරිබියානු විලාසිතාව ඉන්දීය භූමියේදී මැනවින් ප්‍රදර්ශනය කළ බවයි.