වසීම් අක්‍රම් දෙවන ඉනිම අරඹයි.

Thursday, 22 August 2013 - 10:14

%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් නැවතත් විවාහ දිවියට එළඹ තිබෙනවා. පාකිස්ථානයේ කරච්චි නුවරදී ඊයේ ඔහුගේ මංගල උත්සවය ඉතා චාම් ලෙස පවත්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. වසීම් අක්‍රම් දෙවන වරට විවාහ වී ඇත්තේ  ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් සමගයි. විවාහ දිවියට එළඹෙන විට වසීම් අක්‍රම්ගේ වයස අවුරුදු 47 ක්. අක්‍රම්ගේ අතගත්  ඕස්ට්‍රේලියානු ජාතික ෂනේරියා තොම්සන් 30 හැවිරිදි කාන්තාවක් වනවා.