ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට චීනයේදී රිදී පදක්කමක්.

Thursday, 22 August 2013 - 13:22

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

චීනයේ - නැංජිං නුවර පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී මීටර් 110 කඩුලූ මතින් දිවීමේ තරඟ ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ අකිල රවිශංඛ ඊයේ සමත්වුණා. තත්පර 13.99 ක කාලයක් ගත කරමින් ඔහු තරඟය නිමා කළ අතර තත්පර 13.36 ක කාලයකින් තරඟය නිමා කළ ජපානයේ ටී. ෆුරයා තරඟයේ රන් පදක්කම හිමිකරගත්තා. රත්නපුර සීවලී විද්‍යාලයේ ඉගෙනුම ලබන අඛිල රවිශංක සිය ක්‍රීඩා දිවියේ හිමිකරගත් පළමු ජාත්‍යන්තර පදක්කමද මෙය වනවා.