අලූත් අවුරුදු උදාවට ලොව පුරා සැමරුම්.

Thursday, 01 January 2015 - 8:57

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

2015 නව වසර උදාව ලොව පුරා රටවල් සමරනවා. නව වසර උදාව සැමරීම නවසීලන්තය සහ  ඕස්ට්‍රේලියාව යන රටවලින් ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. නවසීලන්තයේ - ඔක්ලන්ඞ් - ස්කයි ටවර්හි දැවැන්ත ඔරලෝසුවේ 12 කනිසම නාද වන අවස්ථාවේදී ගිණිකෙළිවලින් මුළු රටම ඒකාලෝක වූ බවයි වාර්තා වන්නේ.  ඕස්ට්‍රේලියාවේ - සිඞ්නි වරාය ද සංදර්ශනවලින් සුන්දර වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර, බ්‍රසීලය ද මිලියනයකට අධික ජනතාවක් නව අවුරුදු උදාව සැමරීම සඳහා රියෝද ජනයිරෝ නුවරට එක්ව තිබෙනවා. කෙසේ වෙතත්, ගුවන් යානා අනතුර හේතුවෙන් ඉන්දුනීසියාවේ නව අවුරුදු සැමරීම සුළුවෙන් සිදුවූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.