Update: නි. අමාත්‍ය නන්දිමිත්‍රගේ සහය මෛත්‍රීට.

Thursday, 01 January 2015 - 14:34

Update%3A+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7.
තමා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක අද ප්‍රකාශ කළා. ඔහු මේ බව දැනුම්දුන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද එක්ව සිටි මාධ්‍ය හමුවකට කොළඹදී අද එක්වෙමින්. මෙම මාධ්‍ය හමුවට ගම්පහ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක සහ නාගරික මන්ත්‍රී වසන්ත ගුණවර්ධන ද එක්ව සිටියා.   

මේ අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිදහස් සන්ධාන පළාත් පාලන මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් පොළොන්නරුවේ අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද  මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ, තලාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් දිසානායක ඇතුලූ පළාත් පාලන මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටි බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු ප්‍රකාශ කළේ.



Update: Thursday, 01 January 2015 - 07:03 PM
-----------------------------------------------
නි.අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකගේ සහය මෛත්‍රීට.

උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද එක්ව සිටියා.