දේශප්‍රේමීන් අප සමගයි. මෛත්‍රී.

Thursday, 01 January 2015 - 19:16

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.
සියලූ දේශප්‍රේමී බලවේග තමන් සමග සිටින බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා.  කුලියාපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වෙනසක් වෙනුවෙන් දැවැන්ත ජන බලවේගයක් ගොඩනැගී ඇති බවයි. එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ ආණ්ඩුව විසින් විවිධ චෝදනා පදනමකින් තොරව මේ දිනවල එල්ල කරන බවයි. කෙසේ වුවත් එවැනි චෝදනාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ ජනතාවට හොඳ අවබෝධයක් පවතින බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.