රට යලි අඳුරු යුගයකට රැගෙන යාම වැළැක්විය යුතුයි - කොළඹ දිස්ත්‍රික් පා.ම. ආර්. දුමින්ද සිල්වා.

Thursday, 01 January 2015 - 22:06

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.
රට නැවතත් අඳුරු යුගයකට රැගෙන නොයෑම මෙරට ජනතාවගේ වගකීම බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා. සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකෙරෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පොත් හා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මුල්ලේරියාව - බැන්ඩියාවත්ත ප්‍රදේශයේ පසුගියදා පැවති මෙම උත්සවයේදී ප්‍රදේශයේ 1500 කට අධික අඩු ආදායම්ලාභී දරුවන් හට පොත් හා පාසල් උපකරණ බෙදා දීම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අතින් සිදුකෙරුණා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ මන්ත්‍රීවරයා සඳහන් කළේ විපක්ෂය විවිධ පාර්ශවයන් සමඟ ගිවිසුම් ගණනාවකට එළඹ ඇති බවයි.

[MP3]s100439[/MP3]