ත්‍රිකුණාමලයේ ඔරුවක් පෙරළී 3 දෙනෙකු මිය යයි.

Saturday, 03 January 2015 - 11:48

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ත්‍රිකුණාමලයේ - කින්නියා ප්‍රදේශයේ සිට චීන වරාය දක්වා ගමන් ගත් යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එම ඔරුවේ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු සහ කාන්තාවන් තුන්දෙනකු ගමන් කර ඇති බව සදහන්. යාත්‍රාවේ සිටි තවත් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, දෙදෙනෙකු පිහිනා දිවි ගලවාගෙන තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 13ක් හා 17ක් වන පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැබිණි කාන්තාවක්. මොවුන් වගා කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් බවයි හෙළි වී ඇත්තේ.