තමිල්නාඩුවේ කොටි තහනම දීර්ඝ කෙරේ.

Saturday, 03 January 2015 - 13:09

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් යළි දීර්ඝ කර තිබෙනවා. නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබද සොයා බැලීම සඳහා තමිල්නාඩු රජය පත් කළ විනිශ්චය සභාවේ නිර්දේශයකට අනුවයි ඔවුන් එම තීරණයට එළඹී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පරිපාලන ලේකම්වරයා අදාළ තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය වසරේ මැයි 5 වන දා තමිල්නාඩුවේ රාමනාදපුරම් ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පසුගිය පෙබරවාරියේ තමිල්නාඩුව නියෝජනය කරන ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරයෙකු වූ පී. චිදම්බරන්ගේ නිවස ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විරෝධතාවක නිරත වූ අතර බෝම්බ පිපිරීමක් ද වාර්තා වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින තමිල්නාඩු දේශපාලනඥයෙකු වූ සුබ්‍රමනියම් ස්වාමිගේ වාහනයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයටයි.

පසුගිය නොවැම්බර් 26 වන දා ප්‍රභාකරන්ගේ ජන්ම දිනය සැමරීමේ උත්සව ද තමිල්නාඩුවේ සංවිධානය කර තිබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තමිල්නාඩුවේ ක්‍රියාත්මක වන බව බවට මෙමගින් තහවුරු වී ඇති බවයි ප්‍රාන්ත රජය තීරණය කළේ. තමිල්නාඩුවේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබද සොයා බැලීම සඳහා විනිශ්චය සභාවක් පත් කෙරුණේ මෙම සිද්ධීන්වලින් අනතුරුවයි.