පා. මන්ත්‍රී. ආර්. දුමින්ද සිල්වා මහතාගේ දහම් සවියෙන් දුරුතු පොහොය දිනයේදී පිංකම් රැසක්.

Sunday, 04 January 2015 - 21:05

%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක දහම් සවිය සර්වාගමික සිද්ධස්ථාන පුනර්ජීවය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් දුරුතු පොහොය දිනයට සමගාමීව ඊයේ දිනයේදීත් ක්‍රියාත්මක වුණා.

බෞද්ධ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල් මෙන්ම මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය සඳහා මූල්‍යාධාර පිරිනැමීම දහම් සවිය වැඩසටහන යටතේ සිදුකරනු ලබනවා.

දහම් සවිය වැඩසටහන යටතේ බෞද්ධ විහාරස්ථාන 3කට ඒ අනුව මූල්‍ය පරිත්‍යාග සිදුකරනු ලැබුවා.

ප්‍රථමයෙන් ගොතටුව - කන්දේ පුරාණ මහා විහාරස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව එම විහාරස්ථානයේ සංඝාවාසය ඉදිකිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරුණේ මන්ත්‍රීවරයාගේ සුරතින්. එම අවස්ථාවේදී අදහස් දැක්වූ ගොතටුව කන්දේ පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අමුණුකඳුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ කොළොන්නාව ආසනයට පමණක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම ජනතාව හට ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා සිදුකරන සේවය අගය කරන බවයි. 

අනතුරුව දහම් සවිය වැඩසටහන යටතේ මූල්‍ය පරිත්‍යාග සිදුකරනු ලැබූ අනෙකුත් විහාරස්ථානය වන්නේ වැල්ලම්පිටිය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ප්‍රථමයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුණා. මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී විහාරාධිපති පූජ්‍ය මැණික්කඩවල ඥානවිමල නාහිමියන් වෙත විහාරස්ථානයේ වැඩකටයුතු කරගෙන යාම සඳහා මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබුවා. එම අවස්ථාවේදී අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සිදුකරන මෙවැනි යහපත් ක්‍රියාවන් අගය කරන බවයි.

මේ අතර, දහම් සවිය යටතේ මූල්‍ය පරිත්‍යාග සිදුකරනු ලැබූ අනෙක් විහාරස්ථානය වූයේ මීතොටමුල්ල - ශ්‍රී ශාන්ති විහාරයටයි. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට මෙහිදී ද මන්ත්‍රීවරයා මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබුවා.