කඩා වැටුණු ගුවන් යානයේ ගමන් කළ තවත් 4 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ.

Monday, 05 January 2015 - 8:39

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.
පුද්ගලයින් එකසිය හැට දෙදෙනෙකු සමග පසුගිය දෙසැම්බර් 27 වැනිදා ජාවා මුහුදට කඩාවැටුණු එයාර් ඒෂියා ගුවන්යානයේ සිටි තවත් සිව්දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ බෝනියෝ දිවයිනට දකුණු මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායමකට මෙම මළ සිරුරු හමුවී ඇති බවයි. ඒ අනුව මේ වනවිට සොයාගත් මළ සිරුරු ගණන 35 ක්. එයාර් ඒෂියා ගුවන් යානයේ අනතුරට හේතුව එහි එන්ජින් කුටීරයට අයිස් ඇතුළුවීම බවට සැකයක් මතුවී ඇතැයි  විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.