ජනාධිපතිවරණයට සියල්ල සූදානම්.

Tuesday, 06 January 2015 - 12:39

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව සියලූ කටයුතු මේ වන විට සූදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. කොමසාරිස්වරයා කියා සිටියේ අද (06) දිනයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බවයි. ඉන් අනතුරුව හෙට දිනයේ දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත මෙම ඡන්ද පෙට්ටි බෙදා හැරෙන බව ද මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළා.

ඡන්ද ප්‍රතිඵලය වෙනස් වන බවට කිසියම් පුද්ගලයෙකු තුළ මතයක් පවතින්නේ නම් එය මිත්‍යාවක් බවයි මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.

මේ අතර, ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් අද සිට පොලිස් නිලධාරීන් 65,000ක් රාජකාරි සඳහා යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා.

පැෆ්රල් සංවිධානය සදහන් කළේ ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා 13,000ක පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.