ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ගාලූ මුවදොර දිව්‍ය පූජාවට එන බැතිමතුන්ට සියලූ පහසුකම්.

Tuesday, 06 January 2015 - 19:10

%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය කුමන හේතුවක් නිසා හෝ අහෝසි කිරීමක් මෙන්ම කල් දැමීමක් සිදුනොවන බව කතෝලික සභාව පවසනවා. ජාතික කතෝලික ජන සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් මේ බව ප්‍රකාශ කළේ පාප් වහන්සේ 13 වැනිදා දිවයිනට සැපත් වීම සහ ඊට සමගාමීව සිදුකරන දේව මෙහෙයන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට කොළඹදී අද එක්වෙමින්.

පාප් වහන්සේගේ දිව්‍ය පූජාව පැවැත්වෙන කොළඹ ගාලූ මුවදොර පිටිය ඒ සඳහා සූදානම් කර ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කළ පාප් වහන්සේගේ සංචාරයට අදාළව පිරිස් පාලන කටයුතු භාර ෆ්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමන් සඳහන් කළේ බැතිමතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සියලූ පහසුකම් සළසා ඇති බවයි. සනීපාරක්ෂක සේවා කටයුතු මෙන්ම ආහාරපාන ලබාගැනීමේ පහසුකම්ද ඊට අන්තර්ගතයි.

මෙම දිව්‍ය පූජාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දිවයිනේ සෑම පළාතකම සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබෙනවා. ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් විශේෂ මුල්දින කවරයක් සහ සමරු මුද්දරයක්ද නිකුත් කෙරෙන අතර, රුපියල් පන් සියයේ වටිනාකමින් යුත් රිදී කාසී 1500 ක්ද නිකුත් කිරීමට නියමිතයි.

ජනවාරි 13 වැනිදා පෙරවරු 9 ට කටුනායක ගුවන් තොටුපළට සැපත් වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එහි පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව අගරදගුරු මැදුරේදී මෙරට රදගුරුතුමන් අමතනවා. එදින පස්වරුවේ ජනාධිපතිවරයා මුණ ගැසෙන පාප් වහන්සේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අන්තර් ආගමික රැස්වීමකට සහභාගි වනු ඇති.