පොලිසිය වී.අයි.පී.වාහනත් පරීක්ෂා කරයි.

Wednesday, 07 January 2015 - 12:53

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
වී.අයි.පී නැතහොත් ප්‍රභූ ලාංඡන සහිතව මාර්ගවල ගමන් කරන වාහන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස පොලිස් මූලස්ථානය, සියලූ පොලිස් මාර්ග බාධක වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව, ව්‍යාජ ලෙස ප්‍රභූ ලේබල් සහිතව ගමන් කරන වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. මීට අමතරව, ලියාපදිංචි නොකළ අංක තහඩු සහිත වාහන, අංක තහඩු නොමැති වාහන සහ අංක තහඩු අපැහැදිලි වාහන පිළිබඳව ද පොලිසිය දැඩි අවධානය යොමුකර ඇති බව ඔහු කියා සිටියා.

මේ අතර, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ ඡුන්ද ක්‍රියාවලිය සඳහා යුද හමුදාව මැදිහත් නොවන බවයි. ස්ථානීය රාජකාරිවල සිටි පොලිස් නිලධාරින්ගේ සේවා ආවරණයට පමණක් යුද හමුදා සෙබලූන් යොදා ඇති බව ඔහු සඳහන් කළා.