Update: දිස්ත්‍රික්ක බොහොමයක් සියයට 70ට වඩා කැමැත්ත දෙයි.

Thursday, 08 January 2015 - 10:56

Update%3A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+70%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
සවස 4.00  වන විට බොහොමයක් දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 75%
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 76%
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 75%
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 70%
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 70%
රත්නපුරය දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 70%
මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 73%
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 65%
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 70%
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 75%
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 73%
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 80%
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 70%
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 79%


Thursday, 08 January 2015 - 15.10

.......................................................................................................................................................

සවස 2.30 පමණ වන විට බොහොමයක් දිස්ත්‍රික්ක වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 67%
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 55%
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 70%
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 60%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 57%
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 59%
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 50%
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 60%
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය - 50%


Thursday, 08 January 2015 - 13:40

.........................................................................................................................................................

මේ දක්වා ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතයන්.

දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 60 ක ප්‍රතිශතයක්.
කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 50 ක ප්‍රතිශතයක්.
මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 55 ක ප්‍රතිශතයක්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට 55 ක ප්‍රතිශතයක්.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක ප්‍රතිශතයක්.
මන්නාරම දිස්ත්‍රික්කයේ සියයට 50 ක ප්‍රතිශතයක්.
මුලතිව් දිස්ත්‍රික්කයේ සියයට 59 ක ප්‍රතිශතයක්.
මාතර දිස්ත්‍රික්කයේ සියයට 45 ක ප්‍රතිශතයක්.
වව්නියාව දිස්ත්‍රික්කයේ සියයට 35 ක ප්‍රතිශතයක්.
යාපනය දිස්ත්‍රික්කයේ සියයට 25 ක ප්‍රතිශතයක්.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 43 ක ප්‍රතිශතයක්.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට 50 ක ප්‍රතිශතයක්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සියයට 25 ක ප්‍රතිශතයක්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියයට 40 ක ප්‍රතිශතයක්.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 35 ක ප්‍රතිශතයක්.
ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 35 ක ප්‍රතිශතයක්.

මේ අතර,පෙරවරු 11 වනවිට වාර්තා වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන්...

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියයට 40 ප්‍රතිශතයක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 35 ක ප්‍රතිශතයක්.
ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 35 ක ප්‍රතිශතයක්.
මාතර දිස්ත්‍රික්කයේ සියයට 45 ක ප්‍රතිශතයක්.

Thursday, 08 January 2015 - 13:00
.....................................................................................................................................................................

ශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට දිවයිනේ සියලූ ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ උද්යෝගයක් දක්නට ලැබෙන බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසනවා. ඒ අනුව ඉහළ ඡන්ද ප්‍රතිශතයක් අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වාතාවරණය පිළිබඳව කරුණු පැහැදිලි කළේ දිස්ත්‍රික් ලේකම් කේ.එච්.ඒ මීගස්මුල්ල. ඇය කියා සිටියේ අද (08) පෙරවරු 11 පමණ වනවිට 40% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 40 % ක පමණ ප්‍රතිශතයක් පෙරවරු 11 වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි ප්‍රකාශ කළා.
පෙරවරු 11 වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ 35% ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ 35% ක් සහ මාතර දිස්ත්‍රික්කයේ 45 % ක් ලෙස පෙරවරු 11 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබුණා.

Thursday, 08 January 2015 - 10:56

.........................................................................................................................................................................

අද (08) උදෑසන සිට ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්දදායකයන් උනන්දුවකින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව දිවයින පුරා හිරු වාර්තාකරුවන් සඳහන් කළා. බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල සැලකිය යුතු මට්ටමේ ඡන්ද පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අද පෙරවරු 7 ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි.

තවද ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වතුකරයේ ඡන්දදායකයන් ද දැඩි උනන්දුවකින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා. නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල වතු ආශ්‍රිත ජනතාව අද (08) පෙරවරුවේ මෙලෙස උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය නිරීක්ෂණය කළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු රංජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේ.



























ඡායාරූප - රංජිත් රාජපක්ෂ

................................................................................................................................................................

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සදහා පුත්තලම ආසනයේ මුස්ලිම් ජනතාව අතර වෙනදාට වැඩි උනන්දුවක් ඇති වී තිබෙන ආකාරය දැකගත හැකි විය.






































ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර

.................................................................................................................................................................

මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් උතුරේ සියලූම ඡන්ද මධ්‍යස්ථානයන්හි අද උදෑසන සිට ජනතාව මහත් උනන්දුවකින් සිය ඡන්දය ප්‍රකාශ කළ බවටත් කිසිදු මැතිවරණ කොට්ඨාශයක ප්‍රච්ණ්ඩක්‍රියාවක් මේ දක්වා වාර්ථා වී නොමැති බවට දිස්ත්‍රීක් තේරිම්භාර නිලධාරීහු කියා සිටිති.





















ඡායාරූප - වන්නි රොමේෂ් මධුශංක