Update: සාමය හා සංහිඳියාව වෙනුවෙන් එක්වන්න. දිවයිනට සැපත්වූ පාප්වහන්සේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි.

Tuesday, 13 January 2015 - 9:02

Update%3A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම ආශිර්වාදයක් වෙමින් අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝ්ත්තම පාප්වහන්සේ අද උදෑසන ශ්‍රී ලංකාවට සැපත් වුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී උන්වහන්සේ පිළිගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.

පිළිගැනීමේ කටයුතුවලින් අනතුරුව උන්වහන්සේ වෙනුවෙන් සකසා තිබූ විශේෂ පීඨිකාව වෙත පාප්වහන්සේ කැඳවාගෙන එනු ලැබූ අතර එහිදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමුණා.

අනතුරුව ශුද්ධෝත්තම පියතුමන් පිළිගනිමින් උත්සවය ඇමතුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි. පාප්වහන්සේගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකාව ලද භාග්‍යයක් බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

උත්සව සභාව අමතමින් අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් නව ජනාධිපතිවරයාට සිය සුබපැතුම් ද එක් කළා. ශ්‍රී ලංකාවේ ජනතාවට සහ රටේ සාමය සෞභාග්‍ය වෙනුවෙන් ආශිර්වාද කිරීම තම සංචාරයේ අරමුණ බව උන්වහන්සේ එහිදී කියා සිටියා. සාමය සහ සංහිඳියාව වෙනුවෙන් සියලූ ශ්‍රී ලාංකිකයන් එක්ව කටයුතු කළ යුතු බවයි ශුද්ධෝත්තම පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ශ්‍රී ලංකාවට පැමිණෙන සුවිශේෂ අමුත්තන් සමරු සටහන් තබන ස්වර්ණ පුස්තකයේ සමරු සටහනක්ද තැබුවා.

ගුවන් තොටුපලේ පැවති පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් කොළඹ පිහිටි අපෝස්තලික නිවහන වෙත පැමිණීම ආරම්භ වූයේ විශේෂ රිය පෙරහරකින්. මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙපස අති විශාල ජනකායක් ශුද්ධෝත්තම පියතුමන්ගේ පැමිණිම බලාපොරොත්තුවෙන් රැඳී සිටියා. ශුද්ධෝත්තම පියතුමන් විශේෂ වූ විවෘත රථයක නැගී කොළඹ අපෝස්තලික නිවහන වෙත පැමිණෙන අතරතුරදී සීදූව, ජාඇල, කඳාන, මහබාගේ, වත්තල, පෑලියගොඩ, මරදාන සහ බොරැල්ල ආදී ප්‍රදේශවලදී උන්වහන්සේට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්ද හිමිවුණා. මගදිගට දරුවන් ඇතුලූ සියලූ ජනතාවට ආශිර්වාද කළ උන්වහන්සේ විටෙක විවෘත රියෙන් බැස ජනතාවට ආශිර්වාද කිරීමද විශේෂත්වයක්.  

අනතුරුව අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් රැගත් රිය පෙරහර අවසන් වූයේ බෞද්ධාලෝක මාවතේ පිහිටි අපෝස්තලික නිවහන අසලින්.

කොළඹ - බෞද්ධාලෝක මාවතේ පිහිටි අපෝස්තලික නිවහන වෙත සම්ප්‍රාප්ත වූ පාප්වහන්සේ අද (13) පස්වරුවේ රදගුරුතුමන්ලා හමුවුණේ අගරදගුරු නිවසේදියි. අනතුරුව උන්වහන්සේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීමට නියමිතව තිබුණා. මේ වනවිට කොළඹ - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සර්වආගමික නායක හමුවට සහභාගිවීම සඳහා සූදානමින් සිටිනවා. 



Update: Tuesday, 13 January 2015 - 07:26 PM
...........................................................................
පාප්වහන්සේ තව සුඵමොහොතකින් අගරදගුරු මැදුර වෙත.

දිවයිනට වැඩම කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද පස්වරුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුර වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, අපෝස්තලික නිවහනේ සිටයි. අගරදගුරු මැදුරේදී මෙරට රදගුරුවරුන් මුණ ගැසෙන පාප් වහන්සේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීමට නියමිතව තිබෙනවා. 

Update: Tuesday, 13 January 2015 - 04:07 PM
...........................................................................

මෙරට සාමය හා සංහිදියාව උදෙසා පාප් වහන්සේගෙන් ආශිර්වාද.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (13) පෙරවරු 9ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට සැපත් වුණා. ඒ, අලිතාලියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම පාප් වහන්සේ පිළිගනු ලැබූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම මැති ඇමතිවරුන් රැසක්  පැමිණ සිටියා.

පාප් වහන්සේ පිළිගනිමින් හමුදා ආචාර පෙළපාලියක් ද පැවැත්වුණා. ගුවන් තොටුපළේ ස්වර්ණ පුස්තකයේ සටහනක් තැබීමට ද පාප් වහන්සේ අමතක කළේ නැහැ. එම අවස්ථාවේදී පාප් වහන්සේ පිළි ගැනීමේ කතාව පවත්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ආගමික සහජීවනය ශ්‍රී ලාංකිකයන්ගේ උරුමයක් වන බවයි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

‘‘මෙම අවස්ථාව මට පෞද්ගලික වශයෙනුත් අතිශයින් වැදගත්. මීට දින කිහිපයකට පෙරයි මම ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වූයේ. එම ධූරයේ කටයුතු ආරම්භ කරන මොහොතේ ඔබගේ ආශිර්වාදය ලබා ගත හැකිවීම මා ලද භාග්‍යයක්. ශ්‍රී ලංකාව සාමය සහ සංහිදියාව දැන් තහවුරු කරමින් සිටින්නේ කුරුරි යුද්ධයක නිමාවෙන් අනතුරුවයි. එමෙන්ම මෙරට විවිධ ආගමික ජන කොටස් අතර දිගුකාලීනව සහෝදරත්වයක් මෙන්ම සහජීවනයක් ගොඩනැගී තිබූ බව කිව යුතුයි.’’

ගුවන් තොටුපළේදී පැමිණ සිටි පිරිස ඇමතූ ශුද්ධෝත්තම පාප් වහන්සේ ජනාධිපතිවරයාගේ නව වගකීම් වලට ආශිර්වාද පළ කරනු ලැබුවා. එමෙන්ම අවිචාරය පරදා දෙවියන් ජය ලබන විලසින් මෙරට සාමය සහ සංහිදියාව තහවුරු කිරීමට හැකි වේවා යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රාර්ථනා කළා.

 ‘‘ අද ලෝකය මුහුණ දෙන ඛේදවාචකයක් තමයි එකිනෙකා අතර සංහිදියාවක් ගොඩනැගීමට අපොහොසත්වීම. මේ නිසා විවිධ ජන කොටස් අතර, ආගම් අතර ගැටුම් සහ නොසන්සුන්තාව වර්ධනය වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වර්ගවාදී ප්‍රචණ්ඩත්වයේ අත්දැකීම වසර ගණනාවක් තිස්සේ ලබා තිබෙනවා. දැන් ශ්‍රී ලංකාව සාමය තහවුරු කරමින් සිටින යුගයයි. සංහිදියාව ගොඩනැගීමේ අභියෝගයට මුහුණ දෙන කාලයයි. වසර ගණනාවක් තිස්සේ පැවැති එදිරිවාදිකම් සහ අවිශ්වාසය එකවර අවසන් කිරීම දුෂ්කර කාර්යයක් බව අප වටහාගෙන සිටිනවා. පසුගිය කාලය තුළ ඇති වූ එම තුවාල සුව කිරීමට සියලූ ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීම අවශ්‍ය වනවා. එය අවිචාරය පරදවා දෙවියන් ජය ලැබුවා වැනියි. එය සාර්ථක කරලීමට නම් යුක්තිය, සාධාරණත්වය සහ එකමුතුභාවය ප්‍රවර්ධනය කරලීම අවශ්‍යතාවක්. ’’

ශුද්ධෝත්තම පාප් වහන්සේ විවෘත රථයකින් ගුවන්තොටුපලේ සිට මීගමුව - කොළඹ බලා පැමිණියේ මඟ දෙපස රැස්ව සිටි බැතිමතුන්ගේ හරසර මධ්‍යයේයි. එහිදී එක් අවස්ථාවක උන්වහන්සේ රථයෙන් බැස බැතිමතුන්ට ආශිර්වාද කළ අයුරු ද දක්නට ලැබුණා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බොරැල්ල - බෞද්ධාලෝක මාවත ඔස්සේ අපෝස්තලික නිවහන වෙත මේ වන විට පැමිණ තිබෙනවා. 

.................................................................................................................................................................................

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වෙයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (13) පෙරවරු 9ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට සැපත් වුණා. ඒ, අලිතාලියා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම පාප් වහන්සේ පිළිගනු ලැබූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම මැති ඇමතිවරුන් පැමිණ සිටියා. පාප් වහන්සේ පිළිගනිමින් හමුදා ආචාර පෙළපාලියක් ද පැවැත්වුණා. එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාප් වහන්සේ පිළි ගැනීමේ කතාව පැවැත්වූ අතර, ගුවන් තොටුපළේදී පැමිණ සිටි පිරිස ඇමතූ ශුද්ධෝත්තම පාප් වහන්සේ ජනාධිපතිවරයාගේ නව වගකීම් වලට ආශිර්වාද කළා. 




9.05 AM : ජනාදිපති මෛත්‍රී සිරිසේන මහතා විසින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිළිගත් අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයට මේ වන විට පැවැත්වේ..



9.32 AM :  පාප් වහන්සේ ජනතාව ඇමතීමේ කතාව පවත්වන අතර මැති ඇමති වරු ඇතුළු කතෝලික බැතිමතුන් විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රැඳී සිටියි.







9.40 AM : මේ වන විට ජනපති විසින් අගමැති ඇතුළු මැති ඇමති වරු සියලු දෙනා පාප් වහන්සේට හඳුන්වා දීම සිදු වේ.











9.50 AM: ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් විසින් කටුනායක ගුවන්තොටුපලේ විශේෂිත සමරු සටහනට අත්සන් තැබූ අතර කොළඹ දක්වා පැමිණෙන රිය පෙළහර සුදානම් වෙමින් පවතී.



 











10.50 AM : සාමය හා සතුට රැගෙන යමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් පැමිණෙන රිය පෙළහර මේ වන විට ජා-ඇල නගරය පසු කරමින් කොළඹට ලඟා වෙමින් පවතී.


රැඳී සිටින්න හිරු ප්‍රවෘත්ති අංශය සමඟ..