මෛත්‍රී පාලනයේ ජය සැමරූ තිදරු මව නිවසින් එළියට.

Friday, 16 January 2015 - 12:38

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
ජනාධිපතිවරණයේදි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය සැමරීම හේතුවෙන් අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු මවක් තම දරුවන් සමග නිවසින් නෙරපා දමා තිබෙනවා. ප්‍රදේශයේ අප වාර්තාකරු ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ තිදරු මව පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන රැළි වලට සහභාගිවෙමින් කටයුතු කර ඇති අතර, ජනාධිපතිවරණයේදි ප්‍රතිඵල නිකුත්වීමත් සමග අම්බලන්ගොඩ බස්නැවතුම් පොළ ඉදිරිපිට ප්‍රීතිඝෝෂා කළ පිරිස සමග විනෝදවීම හේතුවෙන් ඇයට මෙලෙස නිවසින් එළියට බැසීමට සිදුව ඇති බවයි. කෙසේ නමුත් එම නිවස අදාළ තිදරු මවගේ නොවන අතර, මීට වසර දෙකහමාරකට පෙර නිවස හිමි කාන්තාව විසින් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව රැදී සිටීමට ඉඩ දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. සැමියෙකුගේ පිහිට අහිමි වූ මෙම තිදරු මව මේ වන විට දරුවන් සමග  අම්බලන්ගොඩ මෝදර දේවාලය අසළ රැදී සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.



ඡායාරූප - අම්බලන්තොට තුෂාන්ත