සජින් ද වාස්ට එරෙහිව දූෂණ හඬ අල්ලස් කොමිසමට.

Friday, 16 January 2015 - 13:08

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%84%E0%B6%AC+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7.
පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සජින් වාස් මන්ත්‍රීවරයා පසුගිය කාලයේ විශාල වශයෙන් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල යොමුකළ බවයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ කියා සිටියේ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඇතුළු පුද්ගලයන් සහ ආයතන 12 කට එරෙහිව පසුගියදා අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි ගොනු කළා.