නායකයින්ගේ එකමුතුව රටේ ජනතාවට ආදර්ශයක් - මහානාහිමිවරුන්.

Saturday, 17 January 2015 - 19:29

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A.
රටේ උද්ගතව ඇති යහපත් වාතාවරණය සතුටුදායක බව අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානාහිමිවරුන් අද පෙන්වා දුන්නා. ඒ සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක උන්වහන්සේලා අද (17) බැහැදුටු අවස්ථාවේදීයි.

පළමුව රාජ්‍ය අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහානාහිමියන් බැහැදුටුවා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ සියලූදෙනා එකමුතුව කටයුතු කිරීම තුළින් මෙරට අනාගතයට හොඳ තත්ත්වයක් උදාවන බවයි.

පසුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදුටු සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී උන්වහන්සේ සඳහන් කළේ රටේ ජනතාවට යහපත් දෙයක් සිදුවීම ගැන තමන් සතුටු වන බවයි. විශේෂයෙන් නායකත්වය හොඳින් කටයුතු කරන තත්ත්වයක් තුළ අනෙක් පිරිස් ද හොඳින් කටයුතු කරන රජයේ නව වැඩපිළිවෙලට තමන් ආශිර්වාද පළ කරන බව ද මල්වතු පාර්ශවයේ මහානාහිමියන් එහිදී ප්‍රකාශ කළා.

මහානාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක සඳහන් කළේ සංස්කෘතිය රැක ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.