Update: නෞකාවක කන්ටේනර් 22කෙන් 20කම ගිනි අවි. - පාවෙන අවි ගබඩාවක් බව හෙළිවේ.

Sunday, 18 January 2015 - 15:19

Update%3A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+22%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+20%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92.+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.
ගාල්ල වරායේ නෞකාවක තිබී ආයුධ සහිත කන්ටේනර් කිහිපයක් පොලීසිය අද (18) සොයා ගත්තා. ‘මහනුවර’ නැමති මෙම නෞකාව ඇවන්ගාඩ් නමැති පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනය මගින් කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද දහවල් ලද තොරතුරකට අනුව පොලීසිය, එම නෞකාව පරීක්ෂාවට ලක් කළ අතර නෞකාවේ භාරකරුවන් ප්‍රකාශ කර ඇත්තේ මෙහි ටී - 56 වර්ගයේ ගිනි අවි, ස්වංක්‍රීය මැෂින් තුවක්කු, 84 - එස් රයිෆල් වර්ගයේ ගිනි අවි සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 3000ක් පමණ ගබඩා කර ඇති බවයි. නෞකාවේ තිබූ කන්ටේනර් 22න්, 20කම මෙම අවි ගබඩා කර තිබූ බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් මත නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා පාවෙන අවි ගබඩාවක් මෙම නැව තුළ පවත්වාගෙන ගිය බව ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ පිළිබදව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ.

ඇවන්ගාඩ් නමැති පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනය හිටපු යුද හමුදා මේජර්වරයෙකු වන නිශ්ශංක සේනාධිපතිට අයත් ආයතනයක්. එහි උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හිටපු නාවික හමුදාපති, අද්මිරාල් සෝමතිලක දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට මේ පිළිබදව පැහැදිලි කිරීමක් කළා. ඔහු සදහන් කළේ මුහුදු කොල්ලකරුවන්ගෙන් නෞකා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අවි ආයුධ ගබඩා කර තිබූ බවයි.



Update: Sunday, 18 January 2015 - 07:08 PM
..................................................................
ගාල්ලේ ආයුධ සහිත නෞකාව පාවෙන අවි ගබඩාවක්.

ගාල්ල වරායෙන් හමුවූ ආයුධ සහිත නෞකාව පාවෙන අවි ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ‘මහනුවර’ නමැති මෙම නෞකාව ඇවන්ගාඞ් පෞද්ගලික ආරක්ෂක සේවාව මගින් කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද දහවල් ලද තොරතුරකට අනුව මෙම නෞකාව පරීක්ෂාවට ලක් කළ අතර නෞකාවේ භාරකරුවන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මෙහි ටී - 56 වර්ගයේ ගිනි අවි, ස්වංක්‍රීය මැෂින් තුවක්කු සහ 84 - එස් රයිෆල් වර්ගයේ ගිනි අවි සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 3000ක් පමණ ගබඩා කර ඇති බවයි.


Update: Sunday, 18 January 2015 - 05:08 PM
..................................................................
ගාල්ල වරායේ නෞකාවකින් සොයා ගැනුණු අවි තොග ගැන තවදුරටත් පරීක්ෂණ.

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ ‘මහනුවර’ නමැති නෞකාවෙන් සොයා ගැනුණු අවි තොග සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා. පෞද්ගලික ආයතනයකට මෙම නෞකාව අයත් වන අතර  නෞකාව තුළ කන්ටේනර් 12ක් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඒවා සියල්ල ද මේ වන විට පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ. 

Update: Sunday, 18 January 2015 - 04:08 PM
..................................................................
ගාල්ල වරායේ නැවක තිබී අවි තොගයක් සොයා ගැනේ.

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ නැවක තිබී කන්ටේනර් කිහිපයකින් අවි තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලීසියට ලද තොරතුරක් මත මෙම කන්ටේනර් පරීක්ෂා කිරීම ආරම්භ කළ බවයි.