නව පාලනය කලාපයටම අත්හදා බැලීමක්.අගමැතිවරයා කියයි.

Tuesday, 20 January 2015 - 14:38

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ජනාධිපතිවරණයෙන් පසු, පාර්ලිමේන්තුව කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමවරට අද රැස්වුණා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීම විශේෂත්වයක්.

ජනාධිපතිවරණයෙන් පසු සිදුවූ ආණ්ඩු මාරුවත් සමග එක්සත් ජාතික පක්ෂය ඇතුලූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දුන් කණ්ඩායම අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා. නව සභා නායකවරයා ලෙස ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාත් කටයුතු කරන පළමු පාර්ලිමේන්තු සැසිවාරයද මෙයයි.

මීට පෙර ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද අසුන් ගත්තේ විරුද්ධ පක්ෂයේයි.

නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමග සභා ගර්භයේ මැති ඇමතිවරුන්ගේ අසුන්වලද වෙනස්වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව කථානායකවරයාට දකුණු පසින් ආණ්ඩු පක්ෂය ලෙස ඉදිරි පෙළ පළමු කොටසේ අසුන් ගත්තේ කරූ ජයසූරිය, රවුෆ් හකීම්, ජෝෂප් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ට හිමි ඉදිරි පෙළ අසුන්වල රැඳී සිටියා.

මීට අමතරව ගයන්ත කරුණාතිලක, රාජිත සේනාරත්න, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, රවී කරුණානායක, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, දුමින්ද දිසානායක, පී. හැරිසන්, කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් මෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඉදිරි පෙළ අසුන් ගෙන සිටි බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු මාණ්ඩලික  වාර්තාකරු සඳහන් කළේ.

කථානායකවරයාට වම් පසින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ විරුද්ධ පක්ෂය අසුන් ගෙන සිටියා. විපක්ෂයේ ඉදිරි පෙළ අසුන්වල මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොණ්ඩමන්, එස්.බී. දිසානායක, සුමේධා ජී ජයසේන, පී. දයාරත්න, හිටපු අග්‍රාමාත්‍යවරුන් වන දි.මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අසුන් ගත්තා.

මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ද ඉදිරි පෙළ අසුන් ගෙන සිටියා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද සභා ගර්භයේ ඉදිරි පෙළ අද අසුන් ගෙන සිටි බවයි පාර්ලිමේන්තුවේ සිටින අප  වාර්තාකරු සඳහන් කළේ.

එහිදී නව මංගල පාර්ලිමේන්තු  සැසිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ නව පාලනය කලාපයටම අත්හදා බැලීමක් බවයි.  විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් දින 100 වැඩපිළිවෙලේ සියලූ යහපත් වැඩසටහන්වලට උපරිම සහය ලබාදෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී සඳහන් කළා.