Update: ඉන්ධන මිල අඩු කිරීමෙන් රජයට බිලියන 65 ක පාඩුවක්.

Thursday, 22 January 2015 - 19:52

Update%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+65+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ රජයට රුපියල් බිලියන 65.5 ක ආදායමක් අහිමි වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33 කින් අඩු වූ අතර, එහි නව මිල වන්නේ රුපියල් 117 ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 30 ක සහනයක් ලබාදී ඇති අතර එහි නව මිල රුපියල් 128 ක්.

මේ අතර, සාමාන්‍ය ඞීසල් ලීටරයක්ද රුපියල් 16 කින් අඩුකළ අතර, එහි නව මිල වන්නේ රුපියල් 95 ක්. සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 23 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 110 ක් වනවා. භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 16 කින් අඩු කිරීමට රජය තීරණය කළ අතර, භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 65 ක්.

මේ අතර, සංශෝධිත මිල ගණන් යටතේ පාරිභෝගිකයන් වෙත ඉන්ධන ලබානොදෙන පිරවුම්හල් ඇත්නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමටද නව දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. එම දුරකතන අංක වන්නේ 0115 455 130, 0115 455 251, 0115 455 154 යි.

එමෙන්ම, ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සඳහාද නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී ප්‍රකාශ කළා.



මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

ඉන්ධන හිගයක්.ගැටළු ඇත්නම් දන්වන්න. විදුලිබල රාජ්‍ය ඇමති.