ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 53 ක් පිටකෝට්ටේ.

Friday, 23 January 2015 - 7:23

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+53+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 53 ක් පිටකෝට්ටේ ප්‍රදේශයේ වාහන අංගනයක තිබී සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ ඊයේ (22) මිරිහාන පොලිසියට ලද තොරතුරක් මත පිටකෝට්ටේ - ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වාගෙන ගිය වාහන අංගනයක තිබී මෙම වාහන සොයා ගෙන ඇති බවයි. මේ අතර මෝටර් රථ 34 ක්, ජිප් රථ 13 ක්, වෑන් රථ 2 ක්, කැබ් රථ 2 ක් සහ යතුරුපැදියක් ද වනවා.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්, තවත් වාහන 128 ක් සොයා ගැනීමට පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.