නැගෙනහිර මහඇමති ධුරය දෙමළ ජාතික සන්ධානයට ද ?

Friday, 23 January 2015 - 12:59

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF+%3F
නැගෙනහිර පළාත් සභාවේ මහඇමති ධුරය දෙමළ ජාතික සන්ධානය වෙත පිරිනැමීම සුදුසු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ යැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කළා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති ධුරය සම්බන්ධයෙන් මේ වනවිට මත ගැටුමක් නිර්මාණය වී ඇත්තේ එය තම පක්ෂයට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ප්‍රකාශ කිරීම හේතුවෙන්. මේ පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අතර පසුගියදා පැවැත්වූ නමුත්, එය අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.

මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගෙන් සමන්විත නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු, නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ඇතුළත්.