අගමැති රනිල්ගෙන් ජුනි මාසයේ තවත් පිම්මක්.

Friday, 23 January 2015 - 19:18

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
එළඹෙන ජුනි මාසයේදී තවත් පිම්මකට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, මොරවක - නයාමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති සංවාදශීලී ජන හමුවකට අද (23) එක්වෙමින්.

මෙහිදී ජනතාව අග්‍රාමාත්‍යවරයා වෙත ඍජුවම ප්‍රශ්න යොමු කළ අතර, ඊට ඔහු පිළිතුරු ලබා දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිමිවීම සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ එය එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නොවන බවයි.  

ජුනි මාසයේ මහමැතිවරණයක් පැවැත්වෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉඟියක් පළ කළේ ද මෙහිදී නැගුණු පැණයකට පිළිතුරු දෙන අතරතුරයි. එක්සත් ජාතික පක්ෂයේ බලය තවදුරටත් වැඩි කර ගැනීමට ජුනි මාසයේ තවත් පිම්මක් පැනීමට තිබෙන බව ඔහු එහිදී අවධාරණය කළා.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායක ද මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ජනතාවට සේවය කිරීම සඳහා නව රජය බලයට පත්ව ඇති බවයි. ඉදිරියේදී තව තවත් ශක්තිමත් වෙමින් එම ගමන යා යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.