ගෑස් මිලත් දින 04 ක් තුළ අඩුවන ලකුණු.

Saturday, 24 January 2015 - 19:10

%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+04+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
ඉදිරි දින 4 තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට නියත වශයෙන්ම කටයුතු කරන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තම අමාත්‍යාංශයට අයත් පාරිභෝගික සේවා අධිකාරියේ නව නිලධාරි මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා සඳුදා දිනයේ පත් කිරීමෙන් අනතුරුව, අඟහරුවාදා ගෑස් සමාගම් සමඟ සාකච්ඡා කර ගෑස් මිල පහත හෙළීම පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවයි. ගෑස් මිල පහත දැමීමෙන් පසු එම ප්‍රතිලාභය නිසි පරිදි පාරිභෝගික ජනතාවට ලබාදීම පිළිබඳව ද අවධානය යොමුකරන බව ඔහු කියා සිටියා.

අවසන් වරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරුණේ පසුගිය දෙසැම්බර් 07 වැනිදායී. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කළ අතර, මේ වනවිට වෙළඳපොලේ එම සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1896 කටයි. එහිදී  කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 46 කින් ද අඩු කරනු ලැබුවා.

පසුගිය 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අඩු කිරීමටද රජය තීරණය කළා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 33 කින් අඩු කෙරුණු අතර, ඞීසල් ලීටරයක් රුපියල් 16 කින් අඩු වුණා. භූමිතෙල් ලීටරයක මිල අඩු කෙරුණේ රුපියල් 16 කින්.