Update : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර බස්නාහිරට. අනුර සේනානායක පොලිස් මූලස්ථානයට.

Sunday, 25 January 2015 - 19:18

Update+%3A+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7.+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා තිබෙනවා. පොලිස් මූලස්ථානය සදහන් කළේ උතුර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි. මීට අමතරව සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ.  

මේ අතර, නැගෙනහිර පළාතට අමතරව ඌව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න දකුණු පළාතට අමතරව සබරගමුව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද අද සිට කටයුතු කරනවා. මේ අතර, යාපනය දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර පොලිස් මූලස්ථානයේ විශේෂ රාජකාරි සදහා කැඳවා ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

Update : Monday, 26 January 2015 - 8:19
-------------------------------------
අනුර සේනානායක පොලිස් මූලස්ථානයට- පූජිත ජයසුන්දර උතුරෙන් කොළඹට.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා තිබෙනවා. පොලිස් මූලස්ථානය සදහන් කළේ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි. මීට අමතරව සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මේ අතර, නැගෙනහිර පළාතට අමතරව ඌව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. සී.ඩී. වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දකුණු පළාතට අමතරව සබරගමුව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද අද සිට කටයුතු කරනවා. මේ අතර, යාපනය දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර පොලිස් මූලස්ථානයේ විශේෂ රාජකාරි සදහා කැදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.