ඉන්දීය 66 වන ජනරජ දිනය අදයි. ප්‍රධාන ආරාධිතයා ඇමරිකානු ජනපති.

Monday, 26 January 2015 - 9:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+66+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B6%A2+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
ඉන්දියාවේ 66 වන ජනරජ දිනය අද ඉන්දියාවේ රාජ්පුත් හිදී පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ජනරජ දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවනවා. මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඇතුලූ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රැසක් ජනරජ දින උළෙලට සහභාගිවීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. අද පැවැත්වෙන ජනරජ දින උළෙල සඳහා ඉන්දීය රජය විශේෂ ආරක්ෂක වැඩපිිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ආරක්ෂක නිලධාරින් 80 000 ක් නවදිල්ලියේ ආරක්ෂාවට පමණක් යොදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම ප්‍රධාන ආරාධිත අමුත්තා වන ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැඳී සිටින පීඨිකාවට ඉන්දීය හමුදා සහ පොලිස් නිලධාරීන් 200 කගේ ආරක්ෂාව ලබාදී ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.