මහින්දානන්ද අලූත්ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවයි.

Monday, 26 January 2015 - 17:34

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය මාස 3කට අත්හිටුවා තිබෙනවා. ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා විභාග කර අවසන් වන තුරු මෙලෙස ගමන් බලපත්‍රය අත්හිටුවා ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මීට පෙර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත්‍ර ද මාස 3 කට අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කළා. ඒ ජනාධිපතිවරණයෙන් පසු එම කොමිසම වෙත ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම සඳහායි.