අගවිනිසුරු මොහාන් පීරිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වන තුරු උද්ඝෝෂණයේ නිරතවීමට නීතිඥ එකමුතුව තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (28) පෙරවරු 9ට ආරම්භ වන මෙම උද්ඝෝෂණය අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්වෙන බවයි එම එකමුතුවේ සම කැදවුම්කරු නීතිඥ සුනිල් වටගල හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව ද පසුගිය දා කොළඹ දී රැස්වුණා. එහිදී ගනු ලැබූ තීරණ අද දිනයේදී ප්රකාශයට පත් කරන බවයි එම සංගමයේ ලේකම් අජිත් පතිරණ ප්රකාශ කළේ.
ජනාධිපතිවරණ ප්රතිඵල නිකුත් කළ දිනයේ අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන රාජ්ය විරෝධී කුමන්ත්රණය සම්බන්ධයෙන් රහස් පොලීසිය අගවිනිසුරුවරයාගෙන් පසුගිය දා ප්රකාශයක් ද සටහන් කර ගත්තා. එවැනි කුමන්ත්රණයක සබඳතාවය කුමක් වුවද අගවිනිසුරුවරයා එම අවස්ථාවේ අරලියගහ මන්දිරයේ රැදී සිටීම සම්බන්ධයෙන් තමන් වික්ෂිප්තභාවයට පත්වූ බවයි අධිකරණ සේවා සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්රකාශ කළේ.