Update: පෙරටුගාමින් රහස් පොලීසියට.

Tuesday, 27 January 2015 - 15:50

Update%3A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
පසුගිය කාලසීමාව තුළ අතුරුදන්වූවන්ගේ සහ පැහැරගැනීමට ලක්වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද රහස් පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කළා. පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව කියා සිටියේ සිද්ධීන් 75 ක් පිළිබඳ තොරතුරු රහස් පොලීසියට ලබාදුන් බවයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට දිනයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔහු දිවයිනට පැමිණීමෙන් පසු ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක්  ඊට හේතුවී ඇති බවයි. 


Update: Tuesday, 27 January 2015 - 06:50 PM
........................................................................
ආගමන හා විගමන දෙපාර්ථමේන්තුව කුමාර් ගුණරත්නම් සොයයි

කුමාර්ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණිමත් සමඟම දේශපාලන ක්‍රියාවලට සම්බන්ධවීම පිළිබඳව ආගමන හා විගමන දෙපාර්ථමේන්තුව සමාජවාදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශයැයි එම පක්ෂයට දැනුම්දී තිබෙනවා. මේ වනවිටත් කුමාර් ගුණරත්නම් කොළඹින් පිටත සිටින නිසා ඔහුව සම්බන්ධකරගැනීමට නොහැකිවී තිබෙනවා. හිරු ප්‍රවෘති අංශය හා සම්බන්ධ වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජාගොඩ මේ බව සඳහන් කරා.