ජවිපෙන් ගොනු කළ KP පැමිණිල්ල විභාගයට.

Tuesday, 27 January 2015 - 18:51

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+KP+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7.
කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ල අද විභාගයට ගැනුනා. නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ ඔහු පිළිබඳව සිදුකළ විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී නීතිපතිවරයාට නියෝග කෙරුණු බවයි.

මේ අතර  ජනතා විමුක්ති පෙරමුණේ වත්මන්  ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.  එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට දඩයම් බල්ලෙකුගේ භූමිකාව රඟ දක්වන බවයි.