අගවිනිසුරු ගැන කඩිනම් පියවරක් ගතයුතුයි. ජාතික විධායක සභාවෙන් තීරණයක්

Tuesday, 27 January 2015 - 18:29

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගතයුතු බව අද රැස්වූ ජාතික විධායක සභාව තීරණය කර තිබෙනවා.  අද රැස්වූ ජාතික විධායක සභාවේදී  අනිද්දා ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැයටද අනුමැතිය හිමිවූ බවයි  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.

මේ අතර බොදුබල සේනා සංවිධානය කොළඹ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික විධායක සභාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. විධායක සභාව තුළත් අක්‍රමිකතා සිදුකළ පිරිස් සිටින බව සඳහන් කළ උන්වහන්සේ වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කළා.