ප්‍රශස්ති ගායනයට වඩා විවේචන වැදගත්. ජනපති.

Tuesday, 27 January 2015 - 18:45

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
තමන් පත් කළ රජය ඉදිරියට ගෙන යාමේදී ප්‍රශස්ති ගායනයට වඩා වැදගත් වන්නේ විවේචන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පුරවැසි බලය සහ අලූත් පරපුර සංවිධානවල නියෝජිතයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී අද හමුවෙමින්. ජනාධිපති විමර්ශන ඒකකය යළි ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එහිදී පෙන්වා දුන් එම නියෝජිතයන් එය පටු දේශපාලන වුවමනාවන් මත පමණක් නොකළ යුතු බවද සඳහන් කළා.

මේ අතර නව ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. උතුර පළාත වෙනුවෙන් එච්.එම්.ජී.එස්. පළිහක්කාර, නැගෙනහිර පළාත වෙනුවෙන් ඔස්ටින් ප්‍රනාන්දු, සබරගමුව පළාත වෙනුවෙන් ඞී.එම්.ඒ.ආර්. පෙරේරා සහ මධ්‍යම පළාත වෙනුවෙන් සුරංගනී එල්ලාවල මෙලෙස දිවුරුම් දී තිබෙනවා. උතුර මැද පළාත වෙනුවෙන් පී.බී. දිසානායක සහ ඌව පළාත වෙනුවෙන් නීතීඥ එම්.පී. ජයසිංහ නව ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල නව ආණ්ඩුකාරවරුන් පසුගිය 23 වැනිදා දිවුරුම් දෙනු ලැබුවා. 



නව ආණ්ඩුකාරවරුන්
උතුර පළාත එච්.එම්.ජී.එස්. පළිහක්කාර




නැගෙනහිර පළාත ඔස්ටින් ප්‍රනාන්දු




සබරගමුව පළාත ඞී.එම්.ඒ.ආර්. පෙරේරා




මධ්‍යම පළාත සුරංගනී එල්ලාවල




උතුර මැද පළාත පී.බී. දිසානායක




ඌව පළාත නීතීඥ එම්.පී. ජයසිංහ