ජනාධිපතිවරණ සමයේ සිදුවු පොලිස් මාරු නවතී.

Wednesday, 28 January 2015 - 7:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.
ජනාධිපතිවරණ සමයේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අතර අත්සන් කළා යැයි කියන ගිවිසුම සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් අවධානයක් මතුවුණා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කිරීමෙන් පසු ඒ පිළිබඳ කළ හෙළිදරව්වත් සමඟයි. එහෙත් ඊට අදාළ ලේඛණවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයාට පැමිණිලි කළා. ඊට අදාළ විමර්ෂණ මේ වනවිට අවසන් කර ඇති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. ජනාධිපතිවරණය දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී ක්‍රියාත්මක වූ බව කියන කුමන්ත්‍රණයට අදාළ විමර්ෂණ අවසන් බවත් එහි වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.  

පසුගිය කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවූ අත්තනෝමතික ස්ථාන මාරුවීම් අවලංගු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.