ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන්න - ජනපති

Wednesday, 28 January 2015 - 7:39

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ආණ්ඩුව බලයට පත්කරා සේම එය හරිමඟ යැවීමටත් පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. ඒ, පුරවැසි බලය සහ අලූත් පරපුර සංවිධානවල නියෝජිතයන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) හමුවෙමින්. ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.

මේ අතර, නව ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා. උතුර පළාත වෙනුවෙන් එච්.එම්.ජී.එස්. පළිහක්කාර, නැගෙනහිර පළාත වෙනුවෙන් ඔස්ටින් ප්‍රනාන්දු, සබරගමුව පළාත වෙනුවෙන් ඞී.එම්.ඒ.ආර්. පෙරේරා සහ මධ්‍යම පළාත වෙනුවෙන් සුරංගනී එල්ලාවල මෙලෙස දිවුරුම් දී තිබෙනවා. උතුර මැද පළාත වෙනුවෙන් පී.බී. දිසානායක සහ ඌව පළාත වෙනුවෙන් නීතීඥ එම්.පී. ජයසිංහ නව ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.