බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්යාල අමාත්‍යවරයා අද දිවයිනට

Wednesday, 28 January 2015 - 9:33

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
බ්‍රිතාන්‍ය රජයේ විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් අද (28) ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවන අවස්ථාව මෙය බවයි. මේ මස 30 වන දා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටින ඔහු එහිදී නව රජයේ දින 100යේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ තවදුරටත් මෙරට දියුණු කළ යුතු අංශ පිළිබදව සාකච්ඡා කරනු ඇති. ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් හමුවීමට නියමිතයි. ඔහු යාපනයේ ද සංචාරයක නිරත වනවා.