අසාද් සාලි අගවිනිසුරු නිවසට කඩාපනී - නෑ මට ආරාධනා කළා

Wednesday, 28 January 2015 - 10:16

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%B1%E0%B7%91+%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F
අගවිනිසුරු මොහාන් පීරිස්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (28) පෙරවරුවේ කොළඹ - අලූත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය අසළ සිට උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ පිවිසුම් දොරටුව අසළට පා ගමනක ද නිරත වීමෙන් අනතුරුවයි. උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටට පැමිණි නීතිඥවරු සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඉන් අනතුරුව මාර්ගයේ වාඩි වී විරෝධය පළ කළා.

මේ අතර, තනතුරේ ගෞරවය රැක ගනිමින් අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ද ප්‍රකාශ කළා. කොළඹ දී ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ අගවිනිසුරුවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඉන් රටට යහපතක් වන බවයි.

වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගතයුතු බව ඊයේ රැස්වූ ජාතික විධායක සභාව ද තීරණය කළ බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සදහන් කළේ.

මේ අතර, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි අගවිනිසුරු මොහාන් පීරිස්ගේ නිවසට පැමිණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රී 7.30ට පමණ විජේරාම ප්‍රදේශයේ පිහිටි අගවිනිසුරු මොහාන් පීරිස්ගේ නිවසට අසාද් සාලි ඇතුළු පිරිසක් පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. එහිදී අසාද් සාලි ධුරයෙන් ඉවත් වන ලෙස තමන්ට තර්ජනය කළ බව අගවිනිසුරු මොහාන් පීරිස් ඊයේ රාත්‍රී 11.30ට පමණ කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අදාළ සිද්ධිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය අගවිනිසුරු මාධ්‍ය ප්‍රකාශකවරයා වන නීතිඥ විජේරත්න කොඩිප්පිලිගෙන් විමසීමක් කළා. එහිදී අගවිනිසුරු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එවැනි සිද්ධියක් පිළිබඳව අගවිනිසුරු මොහාන් පීරිස් කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර ඇති බවයි.  

මේ අතර, තමා කාලයක් තිස්සේ අගවිනිසුරු මොහාන් පීරිස් හොඳින් දන්නා හඳුනන අතර, අගවිනිසුරුවරයා සිදුකළ ආරාධනයකට අනුව ඊයේ සවස ඔහු හමුවීමට නිළ නිවසට ගිය බවයි පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි කොළඹ දී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. එවැනි තර්ජනය කිරීමක් සිදුවූවා නම් අගවිනිසුරුවරයාගේ ආරක්ෂකයන්ට තමන් අත්අඩංගුවට ගැනීමට  ඕනෑ තරම් ඉඩ තිබූ බව ද ඔහු කියා සිටියා.